kandy news web
kandy news web

IOCසියත් ගණන් බස්සයි

0 83

ඉන්ධන ඔයිල් සමගාමද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල 162 සිට රුපියල් 152 දක්වා රුපියල් 10කින්ද, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 143 සිට රුපියල් 133 දක්වා රුපියල් 10කින්ද පහළ දමා තිබෙනවා. සුපර් ඩීසල් ලීටර්යක මිලද රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි. රුපියල් 106ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 101 ක් වනවා. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කළ බවයි. 
ඒ අනුව මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කරන ලද එම සංශෝධනය පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 135 සිට රු. 125 දක්වා රු. 10 කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 159 සිට රු. 149 දක්වා රු. 10 කින්ද අඩු කර තිබෙනවා. 

AD2

ඔටෝ ඩීසල් ලීටරයක් රු. 106 සිට රු. 101 දක්වා රු. 5 කින්ද, සුපර් ඩීසල් ලීටරයක් රු. 131 සිට රු. 121 දක්වා රු. 10 කින්ද අඩු කර තිබෙනවා..

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම 2018 මැයි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More