kandy news web
kandy news web

2018-2019 සිරිපා වන්දනා සමය ඇරඹෙයි

0 167

2018-2019 වර්ෂය සදහා ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනය යෙදී ඇති අද (22)  අලුයම යෙදුණු සුභ නැකතින් ආරම්භ කෙරුණා.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහ විහාරස්ථානයේ සිට මාර්ග තුනක් ඔස්සේ ශ්‍රීපාද මළුව දක්වා වැඩම කර වූ සාධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද මළුව දක්වා අද (22) අලුයම වැඩ කර  ශ්‍රීපාද පද්මය සුවඳ පැණින් දෝවනය කර ආගමික වතාවන් මධ්‍යයේ වැඩම කර  වූ සධාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රීපාද මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කෙරුණේ.

AD2

ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක පැල්මඩුල්ල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කෙරුණේ.

ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කල පළමු දිනයේම දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සිල් සමාදම් වීම සඳහා සහ ශ්‍රීපාදය කරුණා  කිරීමට හැටන් මාර්ගය ඔස්සේත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත් ශ්‍රීපාදය කරුණා කිරීමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටියා.

ශ්‍රීපාද පද්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් ශ්‍රීපාද වන්දනා සමය අවසන් වන තෙක්ම විශේෂ ආශිර්වාද පුජාවන් ගණනාවක් ශ්‍රීපාද උඩුමළුවේ පවත්වන බව ශ්‍රීපාදස්ථානාධිපති  හිමියන් කියා සිටියා.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරස්ථානයේ සිට හැටන් මාර්ගය ඔස්සේ වැඩම කර වු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය  පෙරහැරට පැල්මඩුල්ලේ සිට හැටන් දක්වා වූ මග දෙපස සිටි විශාල සැදැහැවතුන් පිරිසක් පුෂ්පෝපහාර දැක්වූ අතර පුෂ්ප උපහාර දැක්විම සඳහා හැටන් නගරයටද ප්‍රදේශයේ ජනතාව විශාල වශයෙන් රැස්ව සිටියා.

2018-2019 ශ්‍රීපාද වන්දනා සමයේදි හැටන් මාර්ගය ඔස්සෙත් රත්නපුර පලබද්දල මාර්ගය ඔස්සෙත් පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන පොදු පහසුකම් රැසක් සලසා ඇති අතර, එසේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක්ද පොලිසිය මගින් දියත් කර තිබෙනවා.

පොලිතින් සහ ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍යවලින් තොරව ශ්‍රීපාදස්ථානය පුජනීය ස්ථානයක් සේ සලකා පරිසර හිතකාමි ලෙස ශ්‍රීපාදය කරුණා කරන ලෙස ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් සියළුම වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More