නිළ ඇඳුම් වවුචරයේ කාලය දීර්ඝ කරයි

2018 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් විමට නියමීතව පැවති පාසල් නිල ඇදුම් වවුචර් 2019 පෙබරවාරි 28 වැනිදා දක්වා දිර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
පාසල් දරුවන් සඳහා නොවැම්බර් මස පස්වන දින වන විට ලබාදීමට නියමිතව තිබූ නිල ඇදුම් වවුචර පසුගියද රජයේ මැදිහත්වීම හේතුවෙන් බෙදාහැරීම නතර කෙරුණා . එම නිසා පාසල් දරුවන්ට ලබන වසර සදහා පාසල් නිල ඇදුම් වවුචර හිමි වූයේ නැහැ.
පෙළපොත් බෙදාහැරීම ද පාසල් නිවාඩුවට පෙර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා. පාසල් සිසුන් වෙත ලබා දෙන පෙළ පොත් බෙදාහැරීමේ කටයුතු පසුගිය දින 50 නීති විරෝධී ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අඩාල වී තිබූ බවට චෝදනා එල්ල විය.
අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තමා සැමවිටම ජාතික ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ බවත් කිසි විටෙකත් තමා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග දේශපාලනය පටලවා නොගත් බවත් අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ සියලු වැඩසටහන් සක්‍රීය කිරීමට පියවර ගන්නා බව ද කර සිටිනවා.