kandy news web
kandy news web

රාජ්‍ය, නියෝජ්‍ය සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

විජයකලා මහේෂ්වරන්ටත් රාජ්‍ය අමාත්‍ය ධුරයක්

0 114

එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ තවත් අමාත්‍ය ධුර කිහිපයක් අද පස්වරුවේ දිවුරුම් දෙනු ලැබුවා. එ් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. එහිදී කැබිනට් නොවන අමාත්‍යවරු තිදෙනෙක් රාජ්‍ය අමාත්‍යවරුන් 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 7 දෙනෙක් දිවුරුම් දෙනු ලැබුවා. මෙහි විශේෂත්වයක් වන්නේ මෙලෙස අමාත්‍ය ධුර ලැබූවන් අතර පසුගිය දිනවල දැඩි කතා බහකට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරියටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිව තිබීමයි. 
අද දිවුරුම් දුන් පිරිස මෙසේයි. 
 

කැබිනට් නොවන අමාත්‍යවරු 

AD2

01- හර්ෂ ද සිල්වා මහතා  – පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ   අමාත්‍ය

02- අජිත් පී. පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය

03- සුජීව සේනසිංහ මහාතා – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය 

 
රාජ්‍ය අමාත්‍යවරු

04- රන්ජන් රාමනායක මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

05- විජයකලා මහේෂ්වරන් මහත්මිය – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

06- ජේ.සී. අලවතුවල මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා
හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07- ඉරාන් විරක්‍රමරත්න මහතා – මුදල් රාජ්‍ය අමාත්‍ය

08 රංජිත් අලූවිහාරේ මහතා – සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 
09- වසන්ත අලූවිහාරේ මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

10- ලකී ජයවර්ධන මහතා –  නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

11- නිරෝෂන් පෙරේරා මහතා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
12- රුවන් විජයවර්ධන මහතා – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

13- චම්පිකා ප්‍රේමදාස මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
14- අශෝක අබේසිංහ මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය

15 ෆයිසාල් කාසීම් මහතා – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය
16- එච්.එම්.එම්. හාරීස් මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

17- අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

 
18- දිල්ප් වෙදආරච්චි මහතා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

19- ඒ. ඉසෙඩ්.එම්. සෙයිඩ් මහතා – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
20- වඩිවෙල් සුරේෂ් මහතා –  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

 
නියෝජ්‍ය අමාත්‍යවරු 
21 අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

22- එඩ්වඩ් ගුණසේකර මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු , නියෝජ්‍ය අමාත්‍ය 
23- නලින් බණ්ඩාර ජයමහා මහතා – සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

24- අජිත් මාන්ප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය

25- කරුණාරත්න පරණවිතාන මහතා – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
26- බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය

27- පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා – සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More