මධ්‍යම පළාතේසමූපකාර පරිභෝගිකයන් වෙනුවෙන් ඉදිවන MEGA CO – OPCity සුපිරි වෙළදසැල 21 න් පළමු වැන්න ජනතා අයිතියට පත් කෙරේ.

මධ්‍යම පළාතේ සමූපකාර පරිභෝගිකයන් වෙනුවෙන් ඉදිවන MEGA CO – OP City සුපිරි වෙළදසැල 21 න් පළමු වැන්න ජනතා අයිතියට පත් කෙරේ.
සී/ස ලග්ගල විවිධ සේවා සමූපකාර සමිතියේ MEGA CO – OP City සුපිරි වෙළදසැල ජනතා අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (9) සිදුවිය. මධ්‍යම පළාතේ සමූපකාරි පරිභෝගිකයන් වෙනුවෙන් MEGA CO – OP City සුපිරි වෙළදසැල 21 ක් මාස තුනක කාල සීමාවක් තුල ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙම සුපිරි වෙළදසැල ජනතා අයිතියට පත් කිරීම සිදු වු අතර, එම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් සමූපකාර කොමසාරිස් චමිලා අතපත්තු, පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්යක්ෂ සමීර රත්නායක ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද එක් ව සිටියේය.