දුම්බර රටා මවන දෑත් සවිමත් කරන මධ්යමආණ්ඩුකාරවරයාගේ අවධානය.

පාරම්පරික දුම්බර පේෂකර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුනින් යුතුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහනුවර දිස්ත්‍රීක්කයේ උඩුදුම්බර තලගුණේ ග්‍රාමයේ (9) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම චාරිකාවේදී කර්මාන්තයේ නියුතුවන්නන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය විශේෂ අවධානය යොමු කළ සිටි අතර, අමුද්‍රව්‍ය හා වෙළදපොල සම්බන්ධයෙන් ඉදිරිපත් වු ගැටලු මෙහිදී ප්‍රධාන විය. නව තාක්ෂණය භාවිතයෙන් දේශීය කර්මාන්ත වල ඇති සුවිශේෂීත්වය ඔප්නංවමින් ගෝලීය වෙළදපොල ජයගැනීම සදහා කටයුතු සිදුකිරීම වර්තමාන රජයේ අරමුණක් වන බව සදහන් කරමින් ඒ සදහා උර දෙන දුම්බර රටා කර්මාන්තකරුවන්ගේ ගැටලු කඩිනමින් විසදීම සම්බන්ධයෙන් තම අවධානය යොමු කරන බව මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය. මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් මධුපාන පියසේන, පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්යක්ෂ සමීර රත්නායක ඇතුළු පිරිසක් ද එක්විය.