kandy news web
kandy news web

දඹුල්ල දිගම්පතහ කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

0 86

දඹුල්ල දිගම්පතහ කසල බැහැර කරන ස්ථානය කලකට පෙර ඉතා අක්‍රමවත් අයුරින් පැවති අතර, එම කසල ප්‍රදේශයේ වන අලියන් විසින් ආහාරයට ගැනීම සිදුවෙමින් පැවතිය.  ඒ අනුව, දඹුල්ල නගර සභාවේ සභාපති ඡාලිය ඕපාත මහතාගේ මගපෙන්වීම යටතේ එම ස්ථානයේ කසල ප්‍රතිචක්‍රීයකරණය සදහා මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සිදු විය. එහි වර්තමාන තත්වය සම්බන්ධයෙන් විමසා බැලීම සදහා පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂ චාර්කාවක (29) නිරත විය. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ මෙවැනි ව්‍යාපෘති පළාත තුල විධිමත් අයුරින් ක්‍රියාවට නැංවීම මගින් කසල බැහැර කිරීමේ ගැටලුව සමනය කරගැනීමේ හැකියාවක් පවතින බවයි. මෙම අවස්ථාවට දඹුල්ල නගර සභාවේ සභාපති ඡාලිය ඕපාත, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More