කොත්මලේ ජලාශයට වැටුනු කාන්තාව බේරා ගත් පොලිස් විරුවන් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගයීමට…

ඉහළ කොත්මලේ ජල විදුලි බලගාරයේ ජලාශයට වැටුණු කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීම සදහා මැයි මස 21 වන දා තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියේ තලවකැලේ පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙල්ලප්පෙරුමගේ රුවන් දර්ශන ප්‍රනානන්දු මහතා සහ ඒම පොලිස් ස්ථානයේම සේවයේ නියුතු පොලිස් කොස්තාපල් සෙල්වරාජ් කන්දරූබන් මහතා ඇගයීමට ලක් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා (23) කටයුතු කර තිබුණි.
ඒ් අනුව අදාල ඇගයීම් ප්රණාම සහතිකය මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයෙදී ආණ්ඩුකාරවරයා අතින් පිරිනැමීම සිදුවු අතර මෙහිදී අදාල කාන්තාව බේරාගැනීමට යාමේදී ජීවිතය අහිමි වු හමීඩ් කිචිල් රිස්වාන් මහතාගේ පවුල සදහා ආධාරයක් පිරිනැමීමට ද ආණ්ඩුකාරවරයා කටයුතු කළේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් ද එක් ව සිටියේය.