ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා හමුවෙයි.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (18) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්.යු.ගමගේ මහතා හමුවිය. මෙහිදී ආණ්ඩුකාරවරයා සහ මහ කොමසාරිස්වරයා අතර සුහද කතා බහක් සිදු වු අතර, දෙරටේ මිත්‍රශීලි භාවය වැඩි දියුණු කර ගැනීම සම්බන්ධයෙන් එහිදී කරුණු සාකච්ඡා විය.
සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. ඉන්දියානු සහකාර මහ කොමසාරිස් (මහනුවර) ධිරේන්ද්‍ර සිංග් මහතා (Mr. Dhirendra Singh) ද මෙම අවස්ථාවට එක් විය.