kandy news web
kandy news web

මහනුවර ත්‍රී රෝද රථ හිමියන් මුහුණ දෙන ගැටලු ආණ්ඩුකාරවරයාටඉදිරිපත් කරයි.

0 68

මහනුවර නගරයේ ත්‍රී රෝද රථ රියදුරන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීම සදහා (17) විශේෂ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා විසින් කැදවනු ලැබීය. මහනුවර ත්‍රීරෝද රථ සංගමයේ අනුශාසක පූළියද්දේ සුදම්ම හිමි,මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මහනුවර නගරය තුලදී ත්‍රී රෝද රථ රියදුරන් මුහුණ දෙනු ලබන ගැටලු සෘජුවම ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීම සදහා අවස්ථාව සැලසී තිබුනි. මෙහිදී නගරාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ සදහා කඩිනම් විසදුම් ලබාදීමට තමා ක්‍රියාකරන බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය.  

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More