kandy news web
kandy news web

වල් වැදී අභාවයටයමින් තිබෙන මාතලේ බර්නර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය මාසයක් ඇතුලත ප්‍රතිසංස්කරණය කිරීමට පියවරගැනේ.

0 58

මාතලේ බර්නර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය මාතලේ දිස්ත්‍රීක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම මධ්‍යම පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද ඇති විශාලම සම්පත් වලින් එකකි. එවන් වටිනා සම්පතක් මේ වන විට වල් වැදී නිසි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් අභාවයට යමින් පැවතීම කණගාටුවට කරුණක්.මේ සම්බන්ධයෙන් විමසීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා  පියවර ගෙන තිබුණි. ඒ අනුව එම ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආණ්ඩුකාරවරයාට දැක ගත හැකි වූයේ මාන පදුරු වලින් වැසීගිය භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින ක්‍රීඩාංගනයකි. මෑතකදී ඉදිකරන ලද අංග සම්පූර්ණ නානතාටකය ඩෙංගු බෝ කරන මධ්‍යස්ථානයක් බවට පත් ව ඇත.

මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්ධ කරගනිමින් අදාල ගැටලුව සම්බන්ධයෙන් විමසීමට ආණ්ඩුකාරවරයා පියවර ගත්තේය. එහිදී අදාල ගැටලුව සම්බන්ධයෙන් මේ වන විටත් තම අවධානය යොමු වී ඇති බවත්, මාසයක කාලයක් තුල අදාල ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර එම ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීම සදහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දුනි.  

AD2

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More