මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා දුම්බර, බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ සංචාරයක.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා (8) මහනුවර පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
එහිදී බන්ධනාගාරයේ වර්තමාන තත්වය පිළිබද විමසමින් රැදවියන්ගේ නිර්මාණාත්මක කුසලතා නිරීක්ෂණය කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබුණි. මෙහිදී බන්ධනාගාර අධිකාරී සෙනරත් බණ්ඩාර මහතා සමග සුහද කතාබහක නිරත වෙමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ බන්ධනාගාර පද්ධතිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරමින් පවතින වැඩසටහන් කාලීනව ඉතා වැදගත්කමක් උසුලන බවයි.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න මහතා ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.