kandy news web
kandy news web

ජිවිත කාලයටම වටිනා පාඩමක් රාජාලියාගෙන් !

0 70

ඇත්තෙන්ම මම ඔයාලට අද කියන්න යන්නේ එක්තරා පක්ෂියෙකුගේ ජිවන කතාව ගැන .ඒ  පක්ෂියා තමයි රාජාලියා .මේ  පක්ෂියාගේ ආයු කාලය සාමානයෙන් අවුරුදු 70 ක්  පමණ වෙනවා .හොදම කතාව තමයි මේ පක්ෂියා තම ජිවිත කාලය පුරාවටම ජිවත් වෙන්නේ එක ගැහැණු සතෙක් එක්ක විතරයි .ඒ වගේම දෙන්නගෙන් එක් අයෙක් මැරුනොත් අනිත් එක්කෙනත් සතියක් ඇතුලත මැරෙනවා .

රාජාලියා කියන පක්ෂියා ලෝකයේ වැඩිම ආයු කාලයක් පවතින පක්ෂියා වන අතර  මේ  පක්ෂියා තම ජිවිතයේ එක් අදියරකදී දැඩි තීරණයක් ගැනීමට සිදු වෙනවා .ඒ  තමයි රාජාලියට  තම ජිවිත කාලයේ අවුරුදු 40 වෙද්දී එතෙක් දඩයම් කිරීමට උපකාරී වූ නියපොතු වගේම තමන්ගේ හොටය වකුටු වී නැවත දඩයම් කිරීමට  නොහැකි තත්ත්වයකට පැමිණීමයි  .ඒ හේතුව නිසා තමයි රාජාලියට තම ජිවිත කාලයේ මැද භාගයේදී දැඩි තීරණයක් ගැනීමට සිදු වෙන්නේ .මේ පක්ෂියාට ඉතිරි ජිවිත කාලය ජිවත වීමට අවශ්‍ය නම් තම වකුටු වූ හොටය කඩා නැවත හොටයක් එන තුරු දවස් 55 ක් නිරාහාරව සිටිය යුතු අතර  මේ කාලය තුළ රාජාලියා නිශ්චලව සිටි  කුමන හේතුවක් නිසා හෝ තම හොටය කැඩුණු තැනින් එන මස් වදැල්ලට හානියක් වුවහොත් රාජාලියට නැවත හොටක් අහිමි වනු ඇත .ඊලග අදියර  තමයි තමන්ගේ  නියපොතු ටික නැවත  ලබා ගැනීමයි . ඒ සදහා මේ පක්ෂියා නැවත හැදුනු තම හොටයෙන් ගෙවී ගිය නියපොතු ගලවා දමන අතර නැවත තම නියපොතු වැඩෙන තුරු දවස්  55 ක්  පමණ සිටින අතර එත් රාජාලියා සිටිය යුතු වන්නේ නිරාහාරවයි .මෙතනින් මේ කතාව නවතින්නේ නැත .තවත් දවස් 30 පමණ රාජාලියට තම ජිවිතේ ඉදිරි කාලය  වෙනුවෙන්  කැප  වීමට සිදු වේ .ඒ තමයි තම පිහාටු ටික ගලවා නැවත පිහාටු එන තුරු නිරාහාරව බලා සිටීමට සිදු වීමයි .

AD2


රාජාලියා  මාස තුනක් පමණ මේ දරුණු  කැප කිරීමක් කරන්නේ තම ජිවිත කාලයේ ඉතිරි කාලය යහපත කර ගැනීම  සදහාය .

ආදරණිය මිතුරනේ හිතන්න පොඩක් මේ අරුම පුදුම පක්ෂියාගේ ජිවිත කතාවෙන් අපේ ජිවිත වලට එකතු කර ගන්න පුළුවන් දේවල් ගැන .අතෙන්ම අපි උත්සහයෙන් ,කැපවීමෙන් අද ගන්නා  නිවැරදි තීරණයක්   අපේ මුළු ජිවිත කාලයම   යහපත් කිරීමට  උපකාරී වෙනවා  බව මේ  අරුම පුදුම පක්ෂියා අද අපට කියා දුන්නා නේද ? ……………..


ලිපිය කියවූ ඔබට ස්තුතියි ! 

සටහන – එරන්ද පනම්පිටිය 


 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More