කොවිඩ් 19 – ඩෙංගු උවදුරු හමුවේ මධ්‍යම පළාතේ පාසල් යළි විවෘත වන අයුරු.

කොවිඩ් 19 සහ ඩෙංගු උවදුරු හමුවේ මධ්‍යම පළාතේ ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශේෂ හමුවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ(01) පැවැත්විණි.
එහිදී පළාතේ පාසැල් මෙම උවදුරු හමුවේ යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ අතර, එහිදී පාසල තුල ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන විනාශ කරමින් කොවිඩ් 19 වසංගත තත්වය ව්‍යාප්තිය වැලැක්වීම සදහා කටයුතු කිරීමේදී පාසල්වල විදුහල්පතිවරුන් වෙත විශාල වගකීමක් පැවරෙන බව ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව පාසල් නැවත ආරම්භකිරීමට ප්‍රථම පාසල් පිරිසිදු කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකර යුතුව පවතින බව අවධාරණය කළ ආණ්ඩුකාරවරයා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය, ආරක්ෂක ප්‍රධාන අනෙකුත් රජයේ ආයතන විසින් සිදුකළ මෙහෙය ඇගයීමට ද කටයුතු කළේය. මෙහිදී ප්‍රාදේශීය මට්ටමෙන් කොවීඩ් මර්ධන කමිටු ස්ථාපිත කිරීමේ වැදගත් කම සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා වූ අතර, ඉදිරියේදී විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ එම කමිටු ක්‍රියාවට නංවන බව ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළ සිටියේය.
මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති කේසර සේනානායක, දඹුල්ල නගරාධිපති ඡාලිය ඕපාත, නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බී.එච්.එන් ජයවික්‍රම මහතා, පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ අර්ජුණ තිලකරත්න, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියේය.
වාර්තාකරණය (රුක්මාල් දුශාන්ත )