කොවීඩ් 19 වසංගත තත්වයට නව නිර්මාණය සිදුකළ මහනුවර දරුවන් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඇගැයීමට ලක් කෙරේ.

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ තම නිර්මාණශීල හැකියාවන් භාවිතයට ගනිමින් මහනුවර කෙන්ගල්ල මහ විද්‍යාලයේ පවර රොඩ්රිගූ සිසුවා සහ හංසනී හිමාෂී ජයරත්න සිසුවිය විසින් සිදු කළ නව නිර්මාණයන් ඇගැයීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා (1) පියවර ගෙන තිබුනි.
ඒ අනුව ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරමින් අදාල නිර්මාණ සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සදහා කටයුතු කිරීම සුදුසු වන බව මෙහිදී ආණ්ඩුකාරවරයා පෙන්වා දුන් අතර, ඒ සදහා අවශ්‍ය සහාය තමා විසින් ලබාදෙන බව ද සදහන් කර සිටියේය. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න,පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරුන් සහභාගී විය.
වාර්තාකරණය (රුක්මාල් දුශාන්ත )