kandy news web
kandy news web

මැද රට කවුන්සිලේ වංචා දූෂණ ෆයිල් හමස් පෙට්ටියට

0 37

 

දීර්ඝ කාලයක් පුරා මධ්‍යම පළාත් සභාවේ සිදුවු බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්   සිදු කෙරුනු විගණන වාර්තා හමස් පෙට්ටියට ගොස් ඇති බව හෙළි වේ.

AD2

සුපිරි වාහන මිලදී ගැනීම විදෙස් සංචාර ගොඩනැගිලි ඉදිකිරීම් වලින් ගසාකෑම් මාර්ග ඉදිකිරීම් වල දූෂණ ඇතුළු විවිධ දූෂණ වංචා පිලිබඳව රජයේ විගණන අංශ විසින් සිදු කල විගණන වාර්තා මෙසේ බහිරවයින් ගිල ඇති බවට චෝදනා එල්ල වේ.

       පළාත් සභාවේ ඉහලම තනතුරු දැරූ නිලධාරීන් පිරිස කට හා දේශපාලන ලොක්කන් කිහිප දෙනෙකු ට එරෙහිව ලැබුණු පැමිනිලි මත රජයේ මුදල් විශාල වශයෙන් වැයකර සිදු කළ මෙම විගණන විමසුම්වලින් අනතුරුව එම වාර්තා ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සදහා අමාත්‍යාංශ ලේකම් වරුන් හා ප්‍රධාන ලේකම් වරයාට යවා ඇතත් ඒවට සිදු වූ දේ පිළිබඳව තමන්ටද කිසි පිළිතුරු දිය නොහැකි බව උසස් විගණන නිළධාරීයෙකු පැවැසීය .

        චෝදනාවට ලක්වු පළාත් දේශපාලන ලොක්කන් හා නිලධාරීන් පිළිබඳව සියලු වාර්තා මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයට පවා යොමු කර ඇතත් පසුගිය කාලයේ ආණ්ඩුකාර වරුන් සිව් දෙනෙකුගේ අතින් අතට මාරු වෙමින් ගිය එම ලිපි ගොනු වලට සිදු වූයේ කුමක් දැයි විමසා බැලීම වත්මන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගේ වගකීම නොවන්නේද 

සරත් සමරනායක 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More