යුධ හමුදාපති වරයාට පනවා ඇතිඇමරිකානු තහනමට එරෙහිව රටපුරා විරෝධය

යුධ හමුදාපති සවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකන් රජය විසින් පනවා ඇති එරටට ඇතුළු වීම තහනම් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නැයි ශ්‍රි ලංකා රජය විසින් ඇමරිකනු රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
යුධ හමුදාපති වරයා ඉලක්ක කර ගනිමින් ඇමරිකාව විසින් දිගින් දිගටම සිදු කරනු ලබන හිරිහැර හේතුවෙන් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට දැඩි බලපෑමක් සිදුවනු ඇති බව අද සිය අමාත්‍යාංශයට මෙරට ඇමරිකන් තානාපති වරිය කැදවමින් විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇති අතර යුධ හමුදාපති වරයාට පනවා ඇති තහනම ගැන යලි සලකා බලන්නැයි ද විශේෂ ඉල්ලීමක් කර ඇත .
මේ අතර රට පුරා මහා සංඝයා හා ජනතාව අතර ඇමරිකාවේ මෙම තීරණයට එරෙහිව දැඩි විරෝධතා එල්ල වෙමින් ඇති අතර මල්වතු අස්ගිරි පාර්ශ්වයන්ද මේ සම්බන්ධයෙන් සිය විරෝධය පලකැර ඇත .
Knw