මහජන මුදල් ගිලින සෑම දේශපාලකයෙකු පිටු පසම දූෂිත රජයේ නිලධාරියෙකු ඇත .

රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් ව අත් අඩංගුවට ගන්නා සෑම දේශපාලන චරිතයක් සමගම අමාත්‍යාංශ වල ලේකම් වරුන්ද සිටිය යුතු බව බොහෝ දෙනෙකු ගේ මතයයි .මේ දින වල ආන්දෝලනයයට ලක් වි ඇති යහ පාලන රජයේ සුපිරි වාහන මිලදී ගැනීමේ සිද්ධියේදී රජයේ උසස් නිලධාරියෙකු කිවේ හිටපු අගමැතිවරයා sign or resin යනුවෙන් තමන්ට තර්ජනයක් කර සුපිරි වාහන ගෙන්වීමට අනුමැතිය ලබා ගත් බවයි.
මිග් යනාවේ සිට v 8 සුපිරි වාහනද ලක්ෂ 6 සැප පුටුද මිලදී ගනු ලබන්නේ රජයේ අමාත්‍යාංශ වෙත පැවරී ඇති මිළ දී ගැනීමේ සාමාන්‍ය පරිපාටිය යටතේය .අමාත්‍යාංශ ලේකම් වරයාගේ අත්සන නොමැතිව කිසිදු මිලදී ගැනීමක් සිදු කල නොහැකිය .රුපියල් බිලියන ට්‍රිලියන ගණන් රජයේ ව්‍යාපෘති කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යොමු කරන්නේ ද රජයේ ඉහලම ලේකම් වරුන්ගේ අත්සනින් යුතුවය.
එබැවින් රජයේ මුදල් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන සියලු දේශපාලකයින් පිටුපසම දූෂිත රජයේ නිලධාරියෙකු ද සිටිය යුතුය .
මේ මතය රජයේ හිටපු විගණකාධිපති වරයාද වරෙක සනාත කලේය .
අපේ රටේ රාජ්‍ය සේවයේ ක්‍රියාත්මක වන බොහෝ අණ පනත් යල් පැනගිය හොරකමට ඉනිමං තබන ඒවා බව රටට හිතැති විද්වතුන් පෙන්වා දෙන්නේ ඒ නිසාය.
දීවනිලා වැනි එඩිතර දක්ෂ රජයේ නිළධාරීන් කොතෙකුත් සිටියද ඔවුන් අභිබවා දූෂිත දේශපාලකයින් ට හා නිළධාරීන් ට සිය මඩි තර කර ගත හැකි වී ඇත්තේ පවතින ක්රමයේ හිල් නිසාය .ඒ හිල් වැසෙන තුරු මේ දූෂණ වංචා තවතවත් සිදුවනු ඇත.පුස් බයිසිකලයක්වත් නොමැතිව දේශපාලනයට ආ බොහෝ දෙනෙකු සුපිරි සල්ලිකාරයන් වන්නේද ඇතැම් රජයේ නිලධාරීන් ගේ ගිණුම් වලට කෝටි ගණන් මුදල් ගලා එන්නේ ද ඒ නිසාය.
knw editorial