නුවරඑළිය බස් නැවතුම්පල හැඩ වේ. නිර්මාණකරුවන්ට ආණ්ඩුකාරවරයාගෙන් ප්‍රශංසා.

නගරයේ පවිත්‍රතාවය හා අලංකරණය වෙනුවෙන් නුවරඑළිය යුත් සමාජය මගින් නුවරඑළිය ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ බිත්ති මත අලංකාර සිතුවම් නිර්මාණය කරනු ලැබිය.
මෙලෙස තරුණ පිරිස විසින් සිතුවම් කරනු ලැබූ නිර්මාණයන් පසුගියදා (09) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. එහිදී ආණ්ඩුකාරවරයා විසින් එම නිර්මාණ නිරීක්ෂණය කිරිමටද එක්විය.
ඉන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් එම නිර්මාණ සදහා දායකත්වය ලබාදුන් යුත් සමාජයේ සමාජිකයින් ඇගයිමට ද ලක්කෙරිණ. මෙහිදී යුත් සමාජය විසින් ආණ්ඩුකාරවරයා වෙත සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදී .
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් එස්.බි. රත්නායක , නුවරඑළිය නගර සභවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ, නුවරඑළිය පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් හා යුත් සමාජයේ සාමාජිකයින් එක්විය.