අලුත් ආණ්ඩුව හදන්න කළ මෙහෙවරට ටිකිරි ලලිත් විලී පළාත් ප්‍රධානීන් ට උපහාර

වත්මන් රජය බලයට පත් කිරීමට දැක්වු දායකත්වය වෙනුවෙන් ආණ්ඩුකාර වරුන් තිදෙනෙකුට උපහාර පිදීමේ උත්සවයක් හෙට පස්වරු 2ට මහනුවර පුෂ්පදාන ශාලාවේ දී පැවැත්වේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දකුණු ආණ්ඩුකාර විලි ගමගේ යන මහත්වරුන් මෙසේ උපහාර ලබති.
මහනුවර පුෂ්පදාන සමිතිය විසින් මෙම උත්සවය සංවිධානය කරයි.