kandy news web
kandy news web

ප්‍රධානීන් නිදි එළවලූ මිළ අහස උසට

0 36


මහනුවර හා තදාසන්න ප‍්‍රදේශ රැුසක වෙළද සැල්වල එළවලු මිළ දරාගත් නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවට ජනතාව චෝදනා කරති.
 එළවලූ වර්ග සුලබ මධ්‍යම පළාතේ නුවරඑළිය හාවාඑළිය වලපනේ උඩුදුම්බර මැදමහනුවර ප‍්‍රදේශ වල එළවලූ මිළ ගණන් අන් කවරදාටත් වඩා මේ දින වල ඉහළ ගොස් ඇති බව එම ප‍්‍රදේශයේ වෙළදුන් හා පාරිභෝගික ජනතාවගෙන් අප කළ විමසුමකදී ඔවුන් සදහන් කළහ.ගම්පොල නාවලපිටිය පේරාදෙණිය පිලිමතලාව කඩුගන්නාව ගලහ ඇතුලූ ප‍්‍රදේශ ගණණාවක අප පසුගියදා සිදුකළ සංචාර වලදී දැකගත හැකි වූයේ වෙනදා ඉතා අඩු මිළ ගණන් යටතේ අලෙවි වු ජනතාව අතර ප‍්‍රචලික එලවලූ වර්ග බොහෝමයක මිළ දරා ගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවයි.
කැරට් බෝංචි එළවලූ දෙකෙහි මිළ ගණන් නොසිතු අයුරින් ඉහළ ගොස් ඇති අතර කිලොවක් රුපියල් හාරසියය දක්වා මිල ගණන් වලට විකිණේ.අනෙකුත් සුළභව තිබූ එළවලූ වර්ග පවා රුපියල් දෙසියයට වැඩි මිළ ගණන් වලට විකිණේ.එසේ වැඩි ගණන් වලට විකුණන ඒවා පවා නියමිත කාලයට කලින් ගලවා වෙළදපොලට එවු එළවලූ බවටද ජනතාව චෝදනා කරති.
බොහෝ එළවලූ වෙළද සැල්වල විකුණන එළවලූ වර්ග වල ග්රූම් 250 මිළ පමණක් සටහන් කර විකුණයි.කිලෝ එකේ මිළ සදහන් කළහොත් පාරිභෝගිකයින් එළවලූ දිහා නිකම්වත් නොබලයි යන සැකය නිසා වෙළද උපක‍්‍රමයක් ලෙස වෙළදුන් මෙසේ කරන බවයි ඔවුන් පවසන්නේ.
මෙසේ හිටි හැටියේ එළවලූ මිල ජනතාවට දරා ගත නොහැකි ලෙස ඉහළ යාමට හේතු වශයෙන් වෙළදුන් හා ජනතාව විවිධ මත පල කළද රජයේ කෘෂිකර්ම ප්‍රධානීන් කිසිවෙකු මේ දක්වා මෙම තත්වයට හේතු වු කරුණු හෝ මේ තත්වයෙන් රට ගොඩ ගත හැති මාර්ග මොනවාද යන්න හෙළිදරුව් නොකිරිමද විමතියට කරුණක් බවද ජනතාව චෝදනා කරති.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More