රහස් පොලිසියෙන් යැයි කියා අලවතුගොඩ ව්‍යාපාරිකයෙකුගේ නිවසින් ලක්ෂ 53 ක් වටිනා රණ් භාණ්ඩ හා මුදල් මංකොල්ල කා පලා යයි

කොල්ල කල්ලිය සොයා පොලිස් පරීක්ෂණ තමන් රහස් පොලීසියේ බව අඟවමින් නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා අලවතුගොඩ පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුලු වු පිරිසක් එම නිවසේ අල්මාරියක තිබූ රුපියල් ලක්ෂ පනස් තුනක් පමණ වටිනාකමකින් යුතු රන් භාණ්ඩ හා මුදල් මංකොල්ල කා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ වී ඇත.
අලවතුගොඩ පල්ලියකොටුව බටගොඩ පදිංචි අසූ දෙහැවිරිදි ව්‍යාපාරිකයෙකු වන මුදියාන්සේගෙදර අනු ලෙබ්බේ අබ්දුල් පරීඩ් නැමැති අයෙකු මෙම සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.
මධ්‍යම දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂන් ප්‍රනාන්දු ,නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්.රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස් අදිකාරී සුදත් මාසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.අයි.එස්.ඒකනායක වැඩිදුර පරීක්ෂණ පවත්වතී.
සරත් සමරනායක