kandy news web
kandy news web

SFT එකෙන් ඇල්ලු ගම්පොළ කසල තේ ජාවාරම

0 35

පිරිසිදු තේ කොළ වලට කසල තේ මිශ්‍ර කොට වෙළෙඳ පොලට නිකුත් කිරීමේ ජාවාරමක් යළිත් අල්ලා ගැනීමට පොලිස් විශේෂ කාර්ය  බලකාය සමත් වී ඇත.
         ගම්පළ උලපනේ දේශීය පිහිටි තේ කර්මාන්ත ශාලාවක් සම්බන්ධ කරගනිමින් ජාවාරම කාලයක් පටන් සිදු වී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදුන් තොරතුරු ඔස්සේ විමර්ශන සිදුකර,  පසුගිය 8 වෙනිදා ගම්පොල දුම්රිය ස්ථානය අසලදී මෙම කසළ තේ වහනය කරමින් තිබු ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .
      පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි වී.සී.ඕ. කරුණාරත්න ප්‍රාදේශීය අණදෙන නිලධාරි  ස.පො.අ.කේ.ඒ.ඒ.කේ.කටුගම්පල යන මහත්වරුන්ගේ උපදෙස් මත  ගම්පොල කඳවුරේ අණදෙන නිලධාරි ප්‍ර.පො.ප.පුශ්පකුමාර, උප.පො.ප.සුභසිංහ උ.පො.ප හේරත්, සැරයන් කොඩිතුවක්කු (17769) ,පො.කො.අතුරලිය පො.කො.සිරිවර්දන මදූශ නුවන් පද්මසිරි (17708) යන නිලදාරීන් වැටලීමට එක් වූහ.

සරත් සමරනායක.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More