kandy news web
kandy news web

මහනුවර මහ රෝහලේ නේවසික රෝගීන්ට අවශ්‍ය තරම් ඇඳන් නැහැ – රෝගීන්ගේ මැසිවිළි

0 95

මහනුවර මහ රොහලේ නේවාසික රෝගීන් සදාහා අත්‍යවශ්‍ය ගොඩනැගිලි ඉඩ පහසුකම් ප්‍රමණවත් අයුරින් මේ වන තුරුත් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් දිනපතා රොහලට ඇතුලත් වන රෝගීන් දැඩි අපහසුතාවයට පතව සිටිතී.

 

AD2

හෘද ‍රෝග ඒකකය , හදිසි අනතුරු ඒකකය , තැලසීමියා රෝගීන් සදාහා වෙන් වු වට්ටු වල මේ වනවිට ප්‍රමණවත් ඉඩ පහසුකම් නොමැතිකමින් බොහෝ රෝගීන් ඇදන් නොමැතිව පුටු මත හෝ බිම දිගාවී සිටීමට සිදු වී ඇති බව රෝගීන්ගේ  ඥාතීන් පවසයි. 

 

මේ පිළිබඳව අප මහනුවර ජතික රොහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා සදහන් කළේ පසුගිය කාලයේ ඉදිකිරීම් වැඩ ආරම්භක කළ මහල් හතරකින් යුතු හදිසි අනතුරු ඒකකයේ හා මහල් අටකින් යුතු තැලසීමියා රෝගීන් සදාහා ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණවල වැඩ අතරමග නවතා තිබීම හේතුවෙන් රොහල් පාලනාධිකාරිය මෙන්ම රෝගීන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.

 

සරත් සමරනායක  

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More