“මහනුවරට පැරෂුට්කාරයෝ එපා” එ.ජා.ප. ආසන සංවිධායකවරු පවසයි!

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් වශයෙන් පක්ෂයේ අසීරු අවස්ථාවලදී බේරාගනිමින් කැපවීමෙන් කටයුතු කරන තමන් වෙනුවට මහ මැතිවරණයට කිසිදු පිටස්තර පුද්ගලයෙකු පත් නොකරන ලෙස එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා ඇත.
පසුගිය දා මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයකදී පුද්ගලික මට්ටමින් රැස් වූ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප. සංවිධායකවරු මෙම තීරණය ගෙන ඇති අතර ඒ බව මේ වන විටත් ලිඛිතව එ.ජා.ප. නායකයින් දෙදෙනාට දැනුම් දී ඇති බව වාර්තා වේ. "අපි හැමදාම බර අදිනවා. මහනුවරට පැරෂුට්කාරයෝ දානවා. මේක හැමදාම මේ පක්ෂෙ වෙච්ච දෙයක්. පක්ෂය පරදින්න ප්‍රධාන හේතුවත් මේකයි" යැයි මේ පිළිබඳ කල විමසීමකදි ජ්‍යෙෂ්ඨ ආසන සංවිධායකවරයෙකු පවසයි.