kandy news web
kandy news web

ලක්ෂමන් කිරිඇල්ලගේ ඉල්ලීමට අගමැතිගෙන් ඉක්මන් විසදුමක්!

https://www.facebook.com/LakshmanKiriellaOfficial/videos/2259320094169561/

0 79

මධ්‍යම අධිවේගී මගේ පසුගිය රජය සමයේ වැඩ අවසන් කල මීරිගම කුරුණෑගල කිලෝමීටර් 40 න් මෙතෙක් වැඩ අවසන් කර නොමැති කිලෝමීටර් දෙකේ වැඩ කඩිනමින් අවසන් කර ජනතාවට එම මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව සලසන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන් ට උපදෙස් ලබාදී ඇත.

            මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විසින් පසුගියදා 05 පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති වරයාගෙන් මෙම ඉල්ලීම කල අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම උපදෙස් ලබා දී ඇත.
AD2
          මධ්‍යම අධිවේගී මගේ මෙම කොටසේ වැඩ අවසන් කල පසු කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමට ගතවන කාලය පැය දෙකක් පමණ ඉතිරි කර ගැනීමට ජනතාවට හැකිවන බව කිරිඇල්ල මහතා විසින් අවස්ථා ගණනාවක් රජයේ අවධානය යොමු කර තිබුණි.
සරත් සමරනායක.

CEP_Parliament

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර "මීරිගම – කුරුණෑගල " දක්වා ඇති 40km න් 38km ක ප්‍රමාණයක් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අවසන් කල අතර ඉතිරි 2km කොටස කඩිනමින් අවසන් කරන ලෙස ඊයේ දිනයේ (2020.02.05) පාර්ලිමේන්තුවෙදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කල අතර, දෙවන අදියරෙහි ඉදිකීරීම් අගෝස්තු මාසය අවසන්වනවිට අවසන් කරන බව මා සිදුකල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Posted by Lakshman Kiriella on Wednesday, February 5, 2020

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More