අංකුඹුරෙන් බිහිවූ කෙළිබිමේ අංකුර වලට විදුබිමෙන් හරසර

නිරෝගිමත් දරු පරපුරක් බිහි කරලීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමී ව අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව වාර්ෂිකව සංවිධාන කරන ‘කිඩ්ස් ඇත්ලටික්ස්’ සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා උත්සවය පසුගියදා නිමාව දුටුවේ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනයේදීය.
මෙහිදී 3,4, සහ 5 යන ශ්‍රේණි ඛාණ්ඩ යටතේ පවත්වන ලද සියළු තරග වලින් රන් සම්මාන දිනා ගැනීමට සමත්වූ එකම පාසල වන මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ අංකුඹුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ජයග්රාහි දරුවන් ඇගයීමේ විශේෂ උත්සවයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලිය භූමියේදී පවත්වනු ලැබිය.
කෙලිබිමෙන් රන් කරලියට නමින් නම් කල මෙම උපහාර උළෙල සදහා ප්‍රදේශයේ සියලුම ප්‍රජාව දායකවීම අගයකල යුතුවේ. පුජාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ දී ඒ විදුහලේ දරුවන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් සංවිධානය විය. එතැන් පටන් දරුවන් රිය පෙරහැරකින් අංකුඹුර නගරය දක්වා කැදවා ගෙන එන ලද අතර ,නගරයේ දී විශේෂ පිළිගැනීමකින් අනතුරුව වෙස් නරතන කණ්ඩායමක් පෙරටුව පාසල වෙත කැදවා ගෙන එනු ලැබු අතර ,අනතුරුව තුර්ය වාදක කණ්ඩායමේ උත්මාචාරයද පිළිගැන්විය.
මෙම රිය පෙරහැරට පුජාපිටිය ප්‍රාදේශිය සභාව, අන්කුබුර පොලිසිය.ව්‍යාපාරික ප්‍රජාව ,ත්‍රි රෝද රථ සංගමය සහ දෙමව්පියන් ආදී ශිෂ්‍යයන් ද එක්විය.
මෙම උපහාර උළෙලට ,ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු ,හිටපු පළාත් සභා මන්ත්‍රී තිලක් රාජපක්ෂ,කටුගස්තොට කලාප අධ්‍යක්ෂිකා සද රේඛා කුලතුංග, ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂ (සැලසුම්) හේමන්ති වීරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.
දරුවන්ගේ චාලක ක්‍රියාකාරකම්, ශාරිරික සුවතාව මූලික අරමුණ කරගත් මේ ක්‍රීඩා උළෙල මීට වසර හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුන්වා දුන් විශිෂ්ට වැඩසටහනක් වන අතර එය කැබිනට් මණ්ඩලය විසින් අග්‍රඝණයේ ව්‍යාපෘතියක් ලෙස පිළිගත් එකකි.
විදුහල්පති සෙනවිරත්න.බි හේරත් මහතා සහ ආචාර්ය මණ්ඩලය දෙමාපියන් එක්ව මෙම උපහාර උළෙල සංවිධානය කරන ලදී.