නව කොරොනා වයිරසය තීරණාත්මක අවස්ථාවක

වසංගතය මැඩපැවැත්වීම සඳහා චීනය රජයේ නිවාඩු කාලය දීර්ඝ කරන ලෙස නියෝග කරයි
කොරොන වයිරස් වසංගතය පාලනය කිරීම සඳහා චීන බලධාරීන් රජයේ නිවාඩු දින කිරීමට නියෝග කර තිබේ.
මෙම වසංගතය මැඩපැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය ලී කෙකියැංගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රියාකාරී කණ්ඩායමක් ජනවාරි 30 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ වසන්ත උත්සව නිවාඩු කාලය දීර්ඝ කිරීම මගින් “ජනගහන ප්‍රවාහ අඩු කිරීමට” තීරණය කළ බව රාජ්‍ය පුවත් ඒජන්සිය ෂින්හුවා පැවසීය.
නව කොරොන වයිරස් පැතිරීම වැළැක්වීමේ හා පාලනය කිරීමේ තීරණාත්මක අවස්ථාවක රට සිටින බව රැස්වීම අවධාරණය කළ අතර ඵලදායී වීමට වඩාත් තීරණාත්මක, බලවත් හා විධිමත්, විද්‍යාත්මක හා හොඳින් සැලසුම් කළ පියවර ගන්නා ලෙස පක්ෂ කමිටු හා රජයන් සියලු මට්ටම්වලින් ඉල්ලා සිටියේය. පැතිරීම මැඩපවත්වන්න,
”ෂින්හුවා' විදෙස් මාධ්‍ය "