මාතලේ දිස්ත්‍රීක්කයේ මාරක ප්‍රාදේශීය රෝහල ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරීක්ෂණයට

මාතලේ දිස්ත්‍රීක්කයේ මාරක ප්‍රාදේශීය රෝහල ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරීක්ෂණයට (16) ලක්විය. එහිදී එම රෝහලේ අඩු පාඩු රැසක් ආණ්ඩුකාරවරයාගේ අවධානයට ලක්විය. විශේෂයෙන්ම නේවාසිකව ප්‍රතිකාර ගැනීම සදහා වාට්ටු වෙත ඇතුල් කරනු ලබන රෝගීන් සදහා ඇති පහසුකම් සම්බන්ධයෙන් මෙහිදී ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය. නගරයේ වේවා ගමේ වේවා අසනීප වී රෝහලට එන රෝගීන් සදහා අවශ්‍ය පහසුකම් සැපයීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, මාරක රෝහලේ පවතින අඩුපාඩු සහ ගැටලු සදහා කඩිනම් ක්‍රියාමාර්ගයන් ගැනීමට තමා බලාපොරොත්තු වන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.