kandy news web
kandy news web

අසාධාරණ ගුරු ස්ථාන මාරුකිරීම් වලට මගෙන් ඉඩක් නැහැ

- මධ්‍යම ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ -

0 48

සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම පළාතේ ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු සෘජුවම තමා වෙත ඉදිරිපත් කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා කටයුතු කර ඇත. ඒ අනුව මධ්‍යම පළාත් සභාව වෙත සෑම බ්‍රහස්පතින්දා දිනකම සිය ගණනින් ජනතාව ඇදී එන්නේ තමන් මුහුණ දෙන ගැටලු වලට යම් සහනයක්, සාධාරණයක් ආණ්ඩුකාරවරයාගෙන් ලබාගැනීමේ අරමුණිනි. නමුත් මෙසේ ඉදිරිපත් වන ගැටලු වලින් විශාල ප්‍රමාණයක් ඇත්තේ ගුරු ස්ථාන මාරුවීම් සම්බන්ධව වන අතර, එයින් ද බොහෝ ප්‍රමාණයක් ඇත්තේ සාධාරණ ඉල්ලීම් නොවන බව පළාත් ආණ්ඩුකාරවරයා (23) පැවති මහජන හමුවේදී ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ වසර 8 -9 ඉතා දුෂ්කර ප්‍රදේශවල ගුරු සේවයේ සිටින අයවළුන්ට වඩා වසර 3 ටත් අඩු කාලයක් සේවය කරමින් ස්ථාන මාරුවීම් ලබාගැනීම සදහා තමාගෙන් ඉල්ලීම් ගුරු සේවයේ යෙදී සිටින්නනන් පිරිස විශාල බවයි. මෙම තත්වය මධ්‍යම පළාතට පමණක් සීමා නොවු මුලු දිවයිනේම දැකිය හැකි තත්වයක් වුවත්, මධ්‍යම පළාතෙන් සාධාරණ ගුරු ස්ථාන මාරුවීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අසාධාරණ ලෙස ගුරු ස්ථාන මාරුවීම් ලබාදීම මේ වන විටත් නවතා ඇති බවo ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More