kandy news web
kandy news web

නැණ ගුණ සිසු පරපුක් දැයට දායාද කරන සුහුරු සිප්හල සරසවි උයන විදුහල පේරාදෙණිය

0 1,068

විශිෂ්ඨ පුරවැසියන් දැයට දායාද කරන ශ‍්‍රීලාංකික පාසල් පද්ධතිය අතර මහනුවර අධ්‍යාපන කලාපයට අයත් පේරාදෙණිය සරසවි උයන විදුහලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.
අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම ක‍්‍රීඩා ඇතුළු විෂය බාහිර කටයුතු වලින් විශිෂ්ඨ කුෂලතා දක්වන සිසු දරුදැරියන් දැයට දායාද කරන මෙම පාසල මේ වන විට සෑම අංශයකින්ම ඉදිරියට පැමිණ සිටින අතර දිවයිනේ ජනප‍්‍රිය පාසල් සමඟ සම තැන් ගැනීමට සමත්ව සිටීම පාසලට ආදරය කරන සියලූ දෙනාගේම සතුටට හේතුවී ඇති බව කිව යුතුය.දෙදහස් හත්සිය පනහකට අසන්න සිසුන් පිරිසකගෙන් හා එකසිය  දාහත් දෙනෙකුගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩයලකින් මෙම විදුහල සමන්විතය.නගර ද්වාර පාසලක් ලෙස මෙම පාසල වැඩි දියුණුු කිරිමට මධ්‍යම පළාත් අධ්‍යපන බලධාරින් දීර්ඝ කාලයක් පුරා ගත් උත්සාහය වත්මන් විදුහල්පතිනි යමුණා ලියණගේ මහත්මියගේ දැඩි කැප විම මත ඉටු කර ගැනීමට හැකි වීම විදුහල ලැබූ ජයග‍්‍රහණයකි.එහි මුල් අදියර වශයෙන් ඉතා කුඩා ඉඩ ප‍්‍රමාණයක මෙතෙක් පවත්වා ගෙන ගිය විදුහල් ප‍්‍රාථමික අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අසන්න උඩපේරාදෙණියේ අක්කර දෙකහමාරක සුන්දර සුන්දර භූමි භාගයක ස්ථාපිත කරන්නට හැකි විය.ප‍්‍රාථමික අධ්‍යාපනයට ඉතා සුදුසු සොබා සෞන්දර්යෙන් අනූන එම පරිසරයේ මූලික අධ්‍යාපනය ලබන දරුවන් අනාගතයේ හොද පරිසර හිතකාමීන් වනු නොඅනුමානය. 
මෙම පාසලේ වර්තමාන අධ්‍යාපන කුෂලතා අතින් ගත් කළ මෙවර අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් අතුරින් විශිෂ්ඨ ප‍්‍රතිඑල ලබා ගත් පිරිස පසුගිය වසරවලට සාපෙක්‍ෂව ඉහළ අගයක් ගන්නා අතර වාණිජ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි ඩබ්. එම්. ඞී. බී. වීරකෝන් සිසුවා ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීම කැපී පෙනේ.මෙවන් ඉහළ ප‍්‍රතිඑලයක් පාසලට හිමි වන්නේ වසර දහයකට පසුවය.අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප‍්‍රතිඑල අතින්ද මෙම විදුහල පසුගිය වසර වලට සාපේක්‍ෂව සාධනීය මට්ටමකට පැමිණ ඇත.විභාගයට පෙනී සිටි සිසු දරු දරුරියන්ගෙන් සියයට අසූ පහකට වැඩි ප‍්‍රතිශතයක් විභාගය සමත්වීම ඊට හොදම උදාහරණයයි.එසේම ඒ නමය සාමාර්ථ ලබා ගත් සිසුන් දෙනෙකු විශේෂ ඇගයිමකට ලක් කිරිමටද පියවර ගෙන ඇත.මෙම පාසලේ ප‍්‍රාථමික අංශය සදහා දරුවන් ඇතුළු කර ගැනීම සදහා මහනුවර අවට නගර රැසක දෙමාපියන් විශාල පරිශ‍්‍රමයක් දරන අතර ඊට ප‍්‍රධාන හේතුව ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඑල අතින් මෙම විදුහල  දීර්ඝ කාලයක් පුරා හිමි කර ගෙන සිටින කීර්ති නාමයයි.මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් හතළිස් නම දෙනෙකු විභාගය සමත්වීම කැපී පෙනේ.එම මට්ටම දිවයිනේ හොඳම අධ්‍යාපන කලාපයක් වන මහනුවර අධ්‍යාපන කලාපයේ පළාත් සභා පාසල් අතුරින් ප‍්‍රථම ස්ථානය මෙම විදුහලට හිමි කර දිමට සමත් වී තිබේ.
දශක ගණනාවක අභිමානවත් ඉතිහාසයකට හිමි කම් කියන මෙම පාසලේ ක‍්‍රීඩා අංශයද රටේ ජාතික තලයේ ක‍්‍රීඩකයින් රැසක් බිහි කළ මෙරට ආරක්‍ෂ හමුදාවන්ට දක්‍ෂ ක‍්‍රීඩකයින් රැසක් දායාද කළ වැදගත් අංශයක් බව සදහන් කල යුතුය. ජෝන් ටාබට් මලළ ක‍්‍රීඩා මෙවර ජාතික තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වෙන් ප‍්‍රථම ස්ථානය හිමි කරගනිමින් රන් පදක්කමක් දිනා ගැනීමට මෙම පාසලේ සිසුවියක් සමත්වීමත්  කරාතේ හා වුෂූ ක‍්‍රීඩාවෙන් ජාත්්‍යන්තර මට්ටමේ දක්‍ෂතා දැක්වීමට මෙම විදුහලේ සිසුන් සමත් වී තිබීමත් වර්තමානයේ ක‍්‍රීඩා අංශයෙන් පාසල ලබා ඇති ප‍්‍රගතියට හොදම නිදසුන්ය.මෙම විදුහලේ ප‍්‍රබල රගර් ක‍්‍රීඩා කණ්ඩායමක් සිටින අතර එහි දක්‍ෂ  ක‍්‍රීඩකයින්ට නගරයේ ජනප‍්‍රිය පාසල් වලින් හොද ඉල්ලූමක් ඇති වී තිබේ.තූර්ය වාදන පාසල් ශිෂ්‍ය භට පෙරදිග අපරදිග සංගීත නැටුම් අංශ වලින්ද සමස්ථ ලංකා මට්ටමේ කුෂලතා පෙන්වන සිසුන් පිරිසක් මෙම පාසල සතුය.
සරසවි උයන විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ ශී‍්‍රලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ දක්‍ෂ නිළධාරිනියක වන ඞී. ඒ. වයි. යමුණා ලියනගේ මහත්මියයි.වර්තමාන විදුහල්පතිනිය මෙම විදුහලේ රාජකාරි ආරම්භ කර වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු වලින් විදුහලේ විශාල පරිවර්තනයක් සිදු කිරීමට සමත් වි තිබීම පාසලට ලැඳි සියලූ දෙනාගේම පැසැසුමට ලක්වී තිබේ.අධ්‍යාපනයට දරුවන් දිරි ගැන්වීම මෙන්ම අධ්‍යාපනයට අවශ්‍ය මානසික මට්ටම සැකසීම සදහා අවශ්‍ය භෞතික සම්පත් හැකි උපරිමයෙන් සිසු දරුවන්ට ලබා දීමට හැම විටම කැප වන විදුහල්පතිනිය නගරයේ අනෙකුත් ජනප‍්‍රිය පාසල් වල සිසුන් ලබන පහසුකම් හැකි උපරිමයෙන් තම දරු දැරියන්ට ලබා දිම තුලින් කිසිවෙකුට නොදෙවැනි අභිමානවත් සිසු දරු දැරියන් පිරිසක් බිහි කිරීමට දක්වන කැප වීම අගේ කළ යුතුය.
විදුහල්පතිනි යමුණා ලියණගේ මහත්මිය පවසන්නේ තමාට මෙම පාසල දියුණු කිරිමේදි ඇති එකම හීනය කෙසේ හෝ මේ දරුවන්ට උසස් පෙළ ජීව විද්‍යාව ගණිතය හා තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් අධ්‍යාපන හැදෑරීමේ අවස්ථාව ලබා දීම බවයි.ඒ සදහා දැනටමත් පළාතේ අධ්‍යාපන බලධාරීන් දැන්ම්වත් කොට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඇය පවසන්නීය. 
‘‘මම මේ පාසල භාර අරන් වසර දෙකක් වැනි කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුල පාසලේ උන්නතිය වෙනුවෙන් සිදු කරන කටයුතු වල විශාල පරිවර්තනයක් සිදු කිරීමට හැකි වීම ගැන සතුටු වෙනවා.පසුගිය වසරේ අධ්‍යාපන කටයුතු නංවාලීමේ අරමුණින් අප විසින් ආරම්භ කළ විෂය කඳවුරු වැඩමුලූ හා බාහිර පාසල් සම්බන්ධ කර ගනිමින් පැවැත්වු ප‍්‍රදර්ශණ ආදි වැඩසටහන් සාර්ථක ප‍්‍රතිඑල මේ වන විට දරුවන් ලබමින් සිටිනවා.මා විසින් පසුගිය කාලයේ ආරම්භ කළ පොලිස් ශිෂ්‍ය භට කණ්ඩායම මේ වන විට සාර්ථකව පාසල තුල ක‍්‍රියාත්මක වෙනවා.එහි කාන්තා අංශයත් ආරම්භ කිරීමට මා හැකි ඉක්මනින් කටයුතු කරනවා.ආරක්‍ෂක හමුදා වලට ඇතුලූ විමට හීන දකින දරුවන්ට එය හොද ශක්තියක් වන බව මාගේ විශ්වාසයයි.ඒ වගේම පාසල් දරුවන් බිලි ගන්නා බාහිර බලවේග වලින් ඔවුන් අරක්‍ෂා කිරීමට මා මුලිකත්වය දෙනවා.ඒ වෙනුවෙන් ආරක්‍ෂිත පැති බැමි ඉඳිකිරිමට මගේ කාලයේදී හැකි වුණා.ප‍්‍රධාන මාර්ගයකට යාබව පාසල පිහිටා ඇති නිසා සිසුන්ගේ ආරක්‍ෂාව හැම අතින්ම සුරක්‍ෂිත කළ යුතුයි.සුහුරු පන්ති කාමර සංකල්පය ක‍්‍රියාත්මක කර බුද්ධිමත් සිසු පරපුරක් දැයට දායාද කිරිමට අප හැම විටම කැප වෙනවා.පාසල තුල ඇති අවිධිමත් ගොඩනැගිලි පද්ධතිය වෙනුවට වඩා කාර්යක්‍ෂම විධිමත් ගොඩනැගිලි පද්ධතියක් ඇති කිරිම කෙරෙහි අපගේ අවධානය යොමු තිබෙනවා.එය කාලීන අවශ්‍යතාවයක් ලෙස අප විසින් හදුනා ගෙන තිබෙනව.
මේ සියලූ කටයුතු සිදු කිරිමේදි මා හට විශාල ශක්තියක් ලබා දෙමින් අපව දිරි ගන්වන මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්තුමා පළාත් අධ්‍යක්‍ෂ තුමා කලාප අධක්‍ෂතුමා කොට්ඨාශ අධ්‍යක්‍ෂතුමා ඇතුලූ සියලූම නිළධාරින්ට හැම විටම මා සමග අත්වැල් බැදගෙන පාසලේ දියුණුව වෙන්වෙන් කටයුතු කරන නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මණ්ඩලයටත් ක‍්‍රියාකාරී ආදී ශිෂ්‍ය සංගමයටත් දෙමාපියන්ටත් සිසු දරුදැරියන්ටත් මාගේ ස්තුතිය පිරිනැමිමට මේ පුවත් අතිරේකය අවස්ථාවක් කර ගන්නෙමි

සරත් සමරනායක

AD2

  

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More