kandy news web
kandy news web

සම අයිතීන් භූක්ති වීදිමේ අයිතිය සියල්ලන් සතුයි. ආබාධ සහිත වූවත් ඔවුන්ටත් අප සම අයිතීන් ලබාදිය යුතුයි.

-මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ-

0 20

මහනුවර, පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේදී දෙල්තොට ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් (7) මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙහිදී පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ධර්ම ශ්‍රී බණ්ඩාර මහතා විසින් දෙල්තොට ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පාසල් ගොඩනැගිල්ලක අවශ්‍යතාවය සහ කරුණු කිහිපයක් ඇතුලත් යෝජනාවක් ආණ්ඩුකාරවරයා වෙත ඉදරිපත් කෙරෙනි. මෙහිදී පිරිස ආමන්ත්‍රණය කරමින් ආණ්ඩුකාරවරයා,

AD2

සම අයිතීන් භූක්ති වීදිමේ අයිතිය සියල්ලන් සතුයි. ආබාධ සහිත වූවත් අප ඔවුන්ගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මෙම දරුවන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් මා ඉතා ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නවා. මම අදාල නිලධාරීන් දැනුවත් කොට ඔවුන් සමග දෙල්තොට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන පාසල් ගොඩනැගිල්ල වෙත පැමිණ අවශ්‍ය කරන සියලු කාරන ඉටුකරදීමට මැදහත් වනවා.

මෙම අවස්ථාවට පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ රණසිංහ යාපා බණ්ඩාර මහතා, පාසලේ විදුහල්‍පති එච්.එල්.කපිල ප්‍රියන්ත , පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් මධුපාන පි‍යසේන , දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කටයුතු කරන ගුරුමහත්මිය ඇතුළු මහත්ම මහත්මීන් ද සහභාගී විය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More