kandy news web
kandy news web

කෘෂි කටයුතු විධිමත්ව සිදු නොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වේ.

මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ

0 13

කෘෂි කටයුතු විධිමත්ව සිදු නොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදු වේ.
මධ්‍යම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ ලග්ගල ගොවි ජනතාවට උපකරණ බෙදා දෙමින් කියයි.
ලග්ගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ දඹගොල්ල සහ හැලඹගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සදහා මුං බීජ බෙදා දීමේ උත්සවය (13) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහීද ගොවි මහත්ම මහත්මීන් සදහා විදුලි පඹයන් සහ වායු රයිෆල් ලබාදීමද සිදුවු අතර, ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු සෘජුවම මෙහිදී ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසුනි.  මෙහීදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ජනතාවට අනාගතයේදී ආහාර අර්බුදයක් ඇති වීමේ අවධානමක් පවතින බැවින් වඩා විධිමත් ආකාරයෙන් කෘෂිකර්මාන්ත කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බවයි. මෙම අවස්ථාවට නා උල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් කේ.ජී.උපාලි රණවක ඇතුළු මහත්ම මහත්මීන් රැසක්ද එක්විය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More