kandy news web
kandy news web

මාතලේ දිස්ත්‍රීක් ප්‍රාදේශීය රෝහල ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරීක්ෂණයට

0 16

මාතලේ දිස්ත්‍රීක්කයේ විල්ගමුව ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද වකුගඩු රෝග සායන ඒකකය සහ රසායනාගරය ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නිරීක්ෂණයට (16) ලක්විය.  2017 වසරේ  මාර්තු මස 13 වැනි දින ලෝක වකුගඩු දිනය සැමරීමේ ජාතික උත්සවයට සමගාමීව මෙම ඒකකය ජනතා අයිතියට පත් කරනු ලැබූ අතර, මේ වන විට එම ඒකකයේ ඇති තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි බව මෙහිදී ආණ්ඩුකාරවරයා පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා.  වකුගඩු රෝගය ඉතා සීඝ්‍රයෙන් හිස ඔසවන දරුණු රෝගයක්. විල්ගමුව සිට සෑහෙන දුරක් ගෙවා ගොස් ප්‍රතිකාර ගැනීමට අපහසු නිසා තමයි මේ ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ. හැබැයි අද තියෙන තත්වයත් එක්ක ඒ දේ හරියටම වෙනවද කියන එක ගැටලුවක්. ඒ නිසා මේ සම්බන්ධයෙන් මම අදාල බලධාරීන් සමග සාකච්ඡා කරලා ඉක්මනින් මෙම ගැටලු විසදීමට පියවර ගන්නවා.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බී. රත්නායක ඇතුළු මහත්ම මහත්මීන් රැසක් ද එක් විය

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More