බොරු ප්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් අරඹන්න.
මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර ඉදිකිරිම් සියයට අනූවක් අවසන්.

පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අදදින මහනුවරදි පැවති අවස්ථාවේදි අදහස් දක්වමිනි. මෙහිදි කමිටුවේ අවධානය යොමුකරමින් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳූමක් ලෙස මෙම උමං මාර්ගය ඉදිකිරිම මේ වන විට අත්‍යවශ්‍ය බැවින් රජයේ අවධානය මෙම ව්‍යාපෘතියට යොමු කළ යුතු බවයි.
එහිදි කරුණු දැක්වූ මන්ත්‍රිවරයා,
මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට විසඳූමක් ලෙස සුදුහුම්පළ සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් ඉදිකිරිමට මම මහාමාර්ග අමාත්‍යවරයා කාලයේ කොරියානු රජය සමඟ සාකච්චා කිරිමෙන් පසුව කොරියානු රජය එයට ආධාර දීමට පවා සූදානම් වී සිටියා. කැබිනට් අනුමැතිය පවා තිබුණ මේ ව්‍යාපෘතිය අපේම සමහරු පදනමක් නැති බොරු කථා ප්‍රචාරය කිරිම නිසා අඩපණ වුණා. මහනුවර නගරයේ තදබදය අවසන් කරන්නනම් මේ උමං මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන්නම ඕන. වෙන විසඳූමක් නැහැ. මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සූදානම් වී සිටියදි සමහරු බොරු ප්‍රචාරය කරලා පාලකයන් බයකළා. එයයි සිදුවුණේ. එම නිසා මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස ඔබතුමාට මම යෝජනා කරනවා මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙසට.
ඒ වගේම මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට අනූවක් අවසන්. තවත් මාස 06කින් පමණ මෙහි ඉදිකිරීම් අවසන් වේවි. පසුගිය රජය සමයේ දින 52 පෙරළිය නිසා මේ සිය`එ සංවර්ධන වැඩ කටයුතුවලට බාධා වුණා. එම නිසා ඔබතුමාගේ විශේෂ අවධානයක් මේ සඳහා යොමු කොට මෙහි ඉදිකිරිම් කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි. එවිට කොළඹ සිට නුවරට විකල්ප මාර්ගයක් ලෙස පස්යාල හරහා මීරිගම, කුරුණෑගල සිට මහනුවරට ඉක්මනින් ඒමේ හැකියාවද ඇතිවෙනවා.
මෙහිදි අමාත්‍ය සරත් අමුණුගම මහතාද ප්‍රකාශ කලේ මහනුවර උමං මාර්ගය ඉදිකිරිම සඳහා රජයේද අවධානය යොමු වී ඇති ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් සේ සලකා එහි ඉදිකිරිම් කඩිනම් කිරිමට කටයුතු කරන බවයි.