kandy news web
kandy news web

ලංගම පුද්ගලික බස්රථ දෙකක ගැටුමෙන් අයෙක් මරුට  

පාලිත ආරියවංශ - බදුල්ල 

0 82

වැලිමඩ – බොරලන්ද  මාර්ගයේ ධාවනය වන  ලංගම කැප්පෙටිපොල  ඩිපෝවට අයත් බස් රථයක සේවකයන් හා  එම මාර්ගයේම දිවෙන පුද්ගලික බස් රථයක හිමිකරු අතර  වැලිමඩ මධ්‍යම බස්නැවතුම් පොල අසලදී අද(19)  සවස 1.45ට පමණ ඇතිවූ  ගැටුමකින්  පුද්ගලික බස් රථයේ හිමිකරුවා මරණයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ උඩවැල්ලේ ගාමිණි වසන්ත කුමාර (49) නමැත්තෙකි .  වැලිමඩ ගුරුතලාවේ පදිංචිකරුවෙක් වන ඔහු තම  බස් රථයේ රියදුරා ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබෙනවා.

AD2

බස් රථ ගමන් වේලාවන් සම්බන්ධයෙන් හටගත් බහින් බස්වීමකින් පසු ලංගම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම  පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.  වැලිමඩ – දික්කාපිටිය මාර්ගයේ ධාවනය වන ලංගම  බස්රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද  අදාළ පහරදීමට සම්බන්ධ වී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා. 

ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගත් අතර ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මීරගහවත්ත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන පොලිස් රැකවරණය මැද දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බවද පොලිසිය පවසනවා. 

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැලිමඩ පොලිසිය  වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට(20) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. 
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More