kandy news web
kandy news web

එජාපය එදා ඇතිකළ අධිකරණ ස්වාධිනත්වයේ තරම රන්ජන්ගේ හඩපට ඔස්සේ සිතාගත හැක

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

0 50

නීතිය සහ  අධිකරණ පද්ධතියට දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ලබා දුන්නා යැයි කියන ස්වාධීනත්වය කොතරම් දැයි  රංජන් රාමනායක දුරකථන සංවාද ඔස්සේ සිතා ගත හැකි යැයි  ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අධිකරණ පද්ධතියට දුරකථන ඔස්සේ විවිධ බලපෑම් කළ බව රංජන් රාමනායක දුරකථන සංවාද ඔස්සේ තහවුරු වී ඇති අවස්ථාවක  අධිකරණය ලබාදුන් තීන්දු තීරණ පිළිබඳ මහජනතාව අතර යම් අවිශ්වාසයක් ගොඩ නැගී ඇතැයි අද (10)  මඩොල්කැලේ මහපතන ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

AD2

මෙය හුදෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් හුදකලාව අධිකරණයට බලපෑම් කිරීමක් පමණක් නොව පැවැති රජය සහ හිටපු ජනපති හිටපු අගමැතිවරු පවා රටේ නීතියට කරන ලද බලපෑමක් බව මැනවින් පැහැදිලි වන බව කී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

පසුගිය පාලන සමය තුළදී රටේ ජනතාව ඉල්ලා සිටියේ සාමය, සංහිඳියාව හෝ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි. ගමට පැමිණෙන මාර්ගය ඉදිකිරීම, ජලය, විදුලිය ලබාගැනීම, කෘෂිබෝග සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම වැනි කරුණු කාරණා ඉටු කිරීම වෙනුවට පසුගිය ආණ්ඩුව සිදුකළේ රට බෙදීමට හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමයි. 

ගල උඩ සටනක් මෙන් තිබුණු  ජනාධිපතිවරණයේදී යම් අයුරකින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේ නම් මේ රට නිසැක වශයෙන්ම අන්තවාදීන් විසින් බෙදා වෙන් කිරීමට කටයුතු කරනවා.

පසුගිය පාලන සමයේදී දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ අධිකරණ පද්ධතියට සහ  විනිසුරුවරුන්ට දුරකථනය මගින් කතා කොට තීන්දු තීරණ ලබා දෙන තත්ත්වයට රට ගෙන  ආවා.  අද ඔවුන් උත්සාහ කරන්නේ රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා වෙත මේ සියල්ලම බැර කොට නිදහස් වීමටයි. විනය පරීක්ෂණයක් පවත්වා ඔහුව පක්ෂයෙන් ඉවතට නෙරපා දැන් සියල්ල නිවැරදි යැයි කියන තත්ත්වයක් ඉදිරියේදි බිහිවේවි.

නමුත් සිදු ව ඇත්තේ හිටපු අගමැතිවරයා හිටපු ජනපති වරයා ආණ්ඩුව කළ වැරදි වසා ගැනීම සඳහා රංජන් රාමනායක මහතා භාවිතා කිරීමයි. තමන්ගේ අවශ්‍යතා අනුව හැසිරෙන, දුර්වල මෝඩ චරිතයක් ඔවුන් භාවිත කර තිබෙනවා. කියන කියන විදියට  හැසිරෙන සහ ඕනෑම අයකුට බිය නැතිව කතා කරන්න පුළුවන් දුර්වල චරිතයක් එම පක්ෂ නායකත්වය විසින් තෝරාගෙන තිබෙනවා. මොළයක් නැති පුද්ගලයන් වශයෙන් ඒ අය විසින් ඒ අයටම කියවාගන්න දකින්න තිබෙනවා.

මහා සංඝරත්නය පිළිබඳව රංජන් රාමනායක වැනි අය කළ කතා පිළිබඳව සිහිපත් වන විට අපට එය පිළිකුල් සහගතයි. එවැනි පුද්ගලයන් තවමත් පාර්ලිමේන්තුවේ සිටින නිසයි පාර්ලිමේන්තුවට  හෙණ වැදිය යුතු යැයි බොහෝ දෙනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ.

පසුගිය පාලනය සමය ආරම්භයේ දීම අපට නඩු දැම්මා. අප උසාවි වෙත ගෙන ගියා.නමුත් පැවැති ආණ්ඩුව පිළිබදව කළ කිරුණු රටට ආදරය කරන ජනතාව ජනාධිපතිවරණය අබියසදී පක්ෂ පාට භේදයෙන් තොරව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටියා.

අන්තවාදී මහජන නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් සේවයක් සිදු කළේ නැහැ. වතුකරයේ ජනතාවට  දෛනික වැටුප් දීමනාව ඉහළ නැංවීමට හෝ කටයුතු කළේ දින පනහේ අපේ ආණ්ඩුවයි. රිෂාඩ් බදුර්දීන්,  රාවුෆ් හකීම්  වැනි අන්තවාදී නායකයන් දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා යැයි කියමින් බලයට පත් වන ආණ්ඩුවෙන් විවිධ ඉල්ලීම් ලබා ගන්නවා.

අන්තවාදී නායකයාන් කැබිනට් අමාත්‍යධුර ගෙන වැජඹෙනවා මිස පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට  කැබිනට් අමාත්‍යධුර ලබාදීමට වෙහෙසෙන්නේ නැහැ. ඔවුන් ලබාගන්නා වරප්‍රසාද අනිත් අයට ලබාදීමට කටයුතු කරන්නේ නැහැ. ඒ අයුරින්ම ඔවුන් ජනතාවට සේවයක් නොකරන  යළි ජනතාව අබියසට පැමිණෙන්නේ මැතිවරණය හමුවේ ඡන්දය ලබා ගැනීමට පමණයි.

ඉදිරි මහ මැතිවරණයේදී එවැනි අන්තවාදී නායකයන්ට කිසිදු ඉඩක් නොලැබෙන අතර යම් අයුරකින් අන්තවාදී මහජන නියෝජිතයන් සහයෝගය ලබා ගැනීමට සිදුවන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More