රංජන්ගේ හඩපඩ එලියට ඒමෙන් එක්සත් ජාතික පක්ෂය අවසන් ගමනේ
විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රංජන් රාමනායක හඩපඩ සිද්ධියත් සමඟ එක්සත් ජාතික පක්ෂය ගමන අද අවසන් වී ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එලෙස අවසන් වූ එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණයට මාස හතරක් තිබියදී මහයියාව පොදු සුභාන භූමියේදී මිහිදන් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට මහනුවර මහයියාවේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
අප්‍රේල් මස පැවැත්වෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජයග්‍රහණයක් නිසැක වශයෙන්ම ලබාගත හැකි යැයි කී අමාත්‍යවරයා එහිදී මෙසේ ප්‍රකාශ කළේය.
රංජන් රාමනායක මහතා හඬපට එක්ලක්ෂ විසිදහසක් පටිගත කොට තිබෙනවා. ඉන් එළියට පැමිණ තිබෙන්නේ තවමත් හයයි. අපිට මාස හතරක කාලයක් තිබෙනවා. එහිදී හොද හොද සෙල්ලම් ඉදිරියේදී බලා ගන්න පුළුවන්.
රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඩපට සිද්ධිය පිටුපස ඉන්නේ වෙන කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ මහතායි. එමෙන්ම සරත් ෆොන්සේකා, චම්පික රණවක,අජිත් පී පෙරේරා යන මහත්වරුන් ද නීතිපතිවරු පොලිස්පතිවරු මේක පිටුපස සිටිනවා. ඒ සියලු දෙනාම අරලියගහ මන්දිරයේ දී සාකච්ඡා කොට මෙම කාර්යය සිදු කිරීම සඳහා රංජන් රාමනායක මහතා සම්බන්ධ කර ගත්තා.
අද සමස්ත ජනතාවම අධිකරණ පද්ධතිය පිළිබඳව කතා කරනවා. මෙතෙක් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් දුෂ්ඨයි කියපු ජනතාව අද අධිකරණය දුෂ්ඨ බව ප්‍රකාශ කරනවා යැයි කණගාටුවෙන් වුවත් කිව යුතු යැයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විදුලි බල රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා අදහස් දක්වමින්,
පසුගිය කාලයේදී විවිධ කටකතා හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මුස්ලිම් ඡන්ද ක්‍රමවත් අයුරින් ලැබුණේ නැහැ. මහනුවර පමණක් නොව සමස්ත රටම සලකා බලන විට සජිත් ප්‍රේමදාස මහතාට වැඩි වශයෙන් ලැබී තිබෙන්නේ දිවයිනේ ඊළාම් ප්‍රදේශය වීමට නියමිතව තිබුණු ප්‍රදේශයේ ඡන්ද පමණයි.
නමුත් මහ මැතිවරණයකදී වෙනත් පක්ෂයකට ඡන්දය ලබාදී තේරුමක් නොමැති බව ඔබ තේරුම් ගත යුතුයි. පසුගිය වසර පහක් තුළ අප දුටු අත්දැකීම අනුව ජනාධිපතිවරයා එක් පක්ෂයක ද ආණ්ඩුව තවත් පක්ෂය ද පැවතුණත් ඉන් රටට කිසිදු සෙතක් සිදුවුණේ නැහැ.
අද විශාල ප්‍රපාතයකට වැටී තිබෙන රටට ඉදිරි මහ මැතිවරණය වැදගත් වෙනවා. එම ප්‍රපාතයෙන් රට ගොඩ ගැනීමට නම් රටේ අනාගතය ගැන සිතමින් භේදයෙන් තොරව අප සියලුදෙනා එක්විය යුතුයි.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ සිට තැන්නෙකුඹුර දක්වා කිලෝමීටර් 5.5 ක දුර ප්‍රමාණයක් උමං ගත මාර්ගයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. එමෙන්ම මෙම රජය පොරොන්දු වුණේ කොළඹ මහනුවර අධිවේගී මාර්ගය කඩිනමින් නිම කිරීමටයි. ඒ සියල්ලෙහිම වැඩකටයුතු ලබන මසදී සිදුවන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අයෝජන ප්‍රවර්ධන රජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙහිදී අදහස් පළ කළහ.