kandy news web
kandy news web

නිල රථයේ රියදුරා ඉවත් කොළොත් මගේ ජීවිතයත් අනතුරේ

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ

0 27

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ මහතාට එක්සත් ජාතික පක්‍ෂයේම මාතලේ නගරික මන්ත‍්‍රීවරයෙකු පහරදීමට තැත් කළ සිද්ධියේදී නගරාධිපතිවරයා බේරා ගැනීමට උත්සාහ කළ බව කියන නගරාධිපතිවරයාගේ රථයේ රියදුරා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වා අවශ්‍ය පියවර ගන්නා  ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් දී ඇත.
ඒ අනුව නගරාධිපතිවරයාගේ නිල රථයේ රියදුරා පිළිබදව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර එම පරීක්‍ෂණ නිම වන තෙක් අදාල රියදුරා රියදුරු සංචිතයට මාරු කිරීමට පියවර ගෙන ඇති අතර ඊට නගරාධිපතිවරයාගේ දැඩි විරෝධයක් එල්ලවී ඇත.තමාගේ ආරක්‍ෂාවට හා විශ්වාසය දිනා ගෙන සිටින එම රියදුරා ඉවත් නොකරන ලෙස තමන් අණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටින බවත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ලබා දෙන වෙනත් රියදුරෙකු තම රථයේ සේවය කිරීමෙන් තමාගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බවද නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ මහතා පවසයි.
කාලයක් පුරා නාගරික මන්ත‍්‍රී එස්. මෝගන් හා නගරාධිපතිවරයා අතර තිබි ඇති මත ගැටුමක ප‍්‍රතිඑලයක් ලෙස පසුගිය දිනෙක මෙම පහරදීමේ සිද්ධිය හට ගෙන ඇති අතර නගරාධිපතිවරයාට පහරදීමට නාගරික මන්ත‍්‍රීවරයා උත්සාහ කල අවස්ථාවේදී තමාගේ රිදුරා මැදිහත් වී තමාව එම ප‍්‍රහාරයෙන් බේරා ගත් බවද නගරාධිපතිවරයා පවසයි.
 සිද්ධියෙන් පසුව විපක්‍ෂ මන්ත‍්‍රීවරු පිරිසක් මේ පිලිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැමිණිළි කර ඇත.මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ මහතා විසින් තමන්ට පහර දුන්නැයි පවසමින් මාතලේ නාගරික මන්ත‍්‍රී (එජාප* එස්. මොගන් විසින් මාතලේ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපතිවරයා අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත
සරත් සමරනායක

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More