kandy news web
kandy news web

වැඩ නොකලොත් එළියට

නව අධ්‍යක්ෂකවරුන්ට පත්වීම් ලබාදෙමින් මධ්‍යම ආණ්ඩුකාරවරයා පවසයි

0 34

මධ්‍යම පළාතේ පුස්තකාල සේවා මණ්ඩලය, සමූපකාර සේවක කොමිෂන් සභාව, මගී ප්‍රවාහන සේවා අධිකාරිය,මාර්ග සංවර්ධන අධිකාරිය හා කලාපිය ආර්ථික සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නව අධ්‍යක්ෂකවරුන් සදහා පත්වීම් ලබාදීම (8) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙහිදී නව අධ්‍යක්ෂකවරුන් 11 දෙනෙකු ආණ්ඩුකාරවරයා අතින් තම පත්වීම් ලිපි ලබාගත් අතර. පත්වීම් ලබාදීමෙන් පසු පිරිස අමතමින් ආණ්ඩුකාරවරයා මෙසේ අදහස් දැක්විය.

AD2

මෙම ආයතනය සමහරකගේ කටයුතු පසුගිය කාලයේදී නිවැරදි ආකාරයෙන් සිදු වුයේ නැති බව අප දන්නා කරුණක්. ඔබ අධ්‍යක්ෂකවරුන් වශයෙන් පත්වන මෙම ආයතන අප පළාතේ ඉතා සුවිශේෂ ආයතන බව සිහියේ තබා ගත යුතුයි.  එම නිසා අධ්‍යක්ෂකවරුන් වශයෙන් ඔබ ආයතනයන්හී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් විශාල වගකීමක් බුද්ධිමත් ඔබවෙත පැවරෙනවා. විශේෂයෙන් සභාපතිවරයාට හිතු මනාපෙට තීරණ ගැනීමට ඉඩ තබන්න එපා.  කිසියම් අවස්ථාවක සභාපතිවරයා හෝ අධ්‍යක්ෂක මණ්ඩල‍ය තමාට පැවරෙන වගකීම් පැහැර හරින බව නිරීක්ෂණය වුවහොත් ජනතාව වෙනුවෙන් එම පුටු වලට නව නිලධාරීන් පත්කිරීමට මා දෙපාරක් හිතන්නේ නැහැ. ඒ මන්ද, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිමාගේ සෞභාගයේ දැක්ම මාවත ඔස්සේ ගමන් කිරීමේදී වැඩ මග හරින, වංචා දූෂණ සිදුකරන නිලධාරීන්ව ආරක්ෂා කිරීම කිසිසේත්ම සිදුනොවන බැවින්ය.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් කේ.ජී. උපාලි රණවක, හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බී. රත්නායක ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් ද එක්විය.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More