kandy news web
kandy news web

පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුව විවෘතවෙයි

0 12

මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019 වර්ෂය සදහා පළාතේ ගොවින් මහතුන් හට ප්‍රතිලාබ ලබාදීම සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරව නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  (13 ) දින ගැටඹේ පිහිටි සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීන.

මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පළාතේ කිරි නිෂ්පාදනය ඉහල නැංවීමේ අරමුණින් මධ්‍යම පළාත තුල සත්ව පාලනයේ යෙදෙන කිරි ගොවින් සදහා අගය එකතු කල නිෂ්පාදන බහුල කිරීමේ පරමාර්ථයෙන් කිරි දෙවීමේ යන්ත්‍ර,ශීතකරණ,අධිශීතකරණ,අයිස් ක්‍රීම් , යෝගට සකස් කිරීමේ,කිරිවල මේදය වෙන් කිරීමේ,කිරි උණු කිරීමේ යන්ත්‍ර, ජිවානුහරණ උපකරණ,කප් සීලර් හා තෘණ කැපීමේ යන්ත්‍ර,තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර බෙදාදීම සිදුවිය.

AD2

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් හිටපු මන්ත්‍රී එස්.බි.රත්නායක,පළාත් කෘෂිකර්ම ලේකම් එල්. ඒ සුජාතා විජේසිංහ, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කුමුදුනි රාජනායක යන මහත්ම මහත්මීන් සහභාගී විය.

සරත් සමරනායක

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More