තලවාකැලේදී දුම්රියක් පීලිපනී

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ අතර ප්රදේශයේදී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පස්වරු 3.30 ට පමණ කොටුව සිට බදුල්ල බලා ධාවනය වු දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.