මන්ත්රී රන්ජන් රාමනායක පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද රාත්රි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන අවේ ය.
ඒ, අද රාත්රි මාදිවෙල පිහිටි මන්ත්රී නිල නිවසේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.
නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් රංජන් රාමනායක මහතාගේ නිවස අද පස්වරුවේ පරික්ෂාවට ලක් කළේ ය.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, බලපත්ර නොමැතිව සන්තකයෙක් තබාගත් පිස්තෝලයක් හා එම අවිය සඳහා භාවිත කරනු ලබන මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 127 ක් හා සැකකටයුතු ලේඛන කිහිපයක් ද සොයා ගැනිණ.
අනතුරුව අද පස්වරු 7.30 ට පමණ රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනිණ.