ඉන්දිියාවේ උෂ්ණත්වය ඉහලට

ඉකුත් වූ පැය 24 තුළ ලෝකයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වූ ස්ථාන 11 ම ඉන්දියාවට අයත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහීදී ඉහළම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 48.9 ක් වාර්තා වේ.
රාජස්ථාන ප්‍රාන්තයේ චුරු ප්‍රදේශයෙන් මෙම උෂ්ණත්වය වාර්තා වී ඇති අතර එහිදී ඇතිවන තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් රජය විසින් ජනතාව වෙත අනතුරු ඇගවීම් නියෝග නිකුත් කරමින් රජයේ රෝහල් සඳහා හදිසි තත්වයක් වෙනුවෙන් සූදානම්කොට ඇත.
මෙයට අමතරව මධ්‍ය ප්‍රදේශ් හා දිල්ලියේද උෂ්ණත්වය ඉතා ඉහල අගයක් ගන්නා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.