kandy news web
kandy news web

ඡන්ද හිමි නාමලේඛන හැකි ඉක්මනින් බාර දෙන්න

0 24

ඡන්ද හිමි නාම ලේඛන හැකි ඉක්මනි පුරවා අදාල වසමේ ග්‍රාම නිළධාරිතුමන් වෙත භාර දෙන මෙන් සියළු ජනතාවගෙන් කැෆේ සංවිධානය ඉල්ලා සිටී. 

රටේ පවත්නා ආරක්ෂක වාතාවරණය අනුව මේ වන විට ජනතාවගේ අවධානය මෙම කාර්යයෙන් ඉවත් ඇති බව පවසන එම සංවිධානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ඒ තත්වය මත පැවත්වීමට නියමිත මැතිවරණ කල්යෑමේ ප්‍රවණතාවය වැඩිවන බව දක්වයි 

මේ වසර අවසානයේ දී හෝ ඊළඟ වසරේ දී පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ව තිබෙන බැවින් එම මැතිවරණ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ගැනීමට මෙවර  ඡන්ද හිමි නාම ලේඛණ වලට නම ඇතුළත් කරගත යුතුය.

එම මැතිවරණ සඳහා ඡන්දය  ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ගැනීමට මෙම ඡන්ද හිමි නාම ලේඛණ වලට  නම ඇතුළත් කර ගත යුතුය. 

එබැවින් මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන අයදුම් පත්‍ර නොලැබුණු කෙනෙක් වේ නම් එම අයදුම් පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වෙතින් ලබා ගත හැකිය.


- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More