මුස්ලිම් මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙයි

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ඇතුළු රජයේ මේ වන විට සිටින කැබිනට් හා නොවන මෙන්ම නියෝජ්‍ය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කරයි.
අද (03) උදෑසන ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා වන අතර නිල වශයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් සියලු අමාත්‍යවරුන් සිය ධූරයන් වලින් ඉල්ලා අස්විය.
එහිදී තවදුරටත් දන්වා සිටිමින් අමාත්‍යවරුන් ප්‍රකාශ කරේ කිසිවිටක ආණ්ඩුවෙන් ඉවත් නොවන අතර පවත්නා තත්වය යටතේ අමාත්‍යංශ වලින් පමණක් ඔවුන් ඉවත්වන බවයි.