kandy news web
kandy news web

නාමල් කුමාරගේ ජංගම දුරකථනයෙන් මකාදැමූ හඬ රැසක් සොයා ගැනේ

0 117

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම ගැන කුමන්ත්‍රණය කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනය හොංකොං වෙත රැගෙන ගිය නිලධාරීන් කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. අදාළ නිලධාරීන් කණ්ඩායම පසුගිය 14 වනදා දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. 

හොංකොංහිදී නාමල් කුමාර නමැත්තාගේ ජංගම දුරකථනයෙන් මකා දමන ලද හඬපට ගණනාවක් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

AD2

අදාළ හඬපට ඇතුළත් පෙන් ඩ්‍රයිව් එක සහ එම හඬපට නැවත ලබාගත් විශේෂඥවරුන්ගේ වර්තාවක්ද අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති අදාළ හඬපට සහ වාර්තාවල පිටපත් ආශ්‍රයෙන් ඉදිරි විමර්ශන සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More