kandy news web
kandy news web

මාතලේ පාසල්වල ආපන ශාලා වල ආහාර වලට නිසි ප්‍රමිතියක් ඕනෑ

නාඋල - ඉන්දික අරුණ කුමාර

0 63

මාතලේ දිස්ත්‍රික්කයේ  පාසල් ‍ තුළ පවත්වාගෙන යනු ලබන ආපන ශාලා වල ආහාර වල සීනී මට්ටම සම්බන්ධයෙන් යම් ප්‍රමිතියක් අවශ්‍ය බව පාසල් වලට සම්බන්ධ දෙමව්පියෝ අවධාරනය කරති.

පාසල් දරැවන්ගේ හා ගුරුභවතුන්ගේ අවශ්‍යතා පරිදි අලවිකරනු ලබන මෙම ආහාර වල සීනි ප්‍රමාණයන් පිළිබදව නිසි ප්‍රමිතියක් නොතිබීම දරුවන්ගේ සෞඛ්‍යයට බලපෑම් ඇති කරන බව දෙමව්පියෝ අවධාරණය කරති.

AD2

ඇතැම් ආපන ශාලා වල අධික පැණි රස සහිත ටොෆි,කෙටි කෑම මෙන්ම පැනි බීම දිනපති පාසල් දරුවන් අධික වශයෙන් ලබාගන්නා බවත් මේ තුළින් නොදුරේදීම දරුවන්ගේ සෞඛ්‍යයට බලපෑම් ඇතීවිය හැකි බව ඔවුහු කියා සිටිති.

දරුවන්ට නිවෙස් වලින් ලබාදෙන කුඩා මුදුල ප්‍රමාණයන් පවා භාවිත කරමින් සීනී අධික කෑම සදහා යොදා ගැනීම බරපතල තත්ත්වයක් බව සදහන් කරන දෙමව්පියන් අවධාරණය කරන්නේ දින පතා සීනි අධික ටොෆි වැඩි වශයෙන් ආහාරයට ගැනීමට දරුවන් පුරුදු වී සිටින බවයි.

දිනකට ටොෆි 5- 10 අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නා ඇතැම් දරුවන් සාමාන්‍ය වශයෙන් මාසිකව ටොෆි සියයක් පමණ ආහාරයට ගන්නා බව දෙමව්පියන්ගේ මතය වී තිබේ.

මීට අමතරව පැනී බීම වර්ග මෙන්ම කෑම වර්ග ද එක්වීම හරහා දරුවන්ගේ සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකි බව දෙමව්යෝ අවධාරනය කරති.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් ආපන ශාලා තුළ ආහාර අලවිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යපන බලධාරින්ගෙන් කළ විමසිම් වල දී ඔවුන් කියා සිටියේ පාසල් වල ආහාර අලවිය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් එම නීති රිති වලට පරිභාහිරව යම් ආපනශාලාවක් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කොට්ඨාශ හා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල වලට මෙන්ම ඝෘජුවම අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට ඒ සම්බන්ධයෙන් පැමිණීලිකිරිමේ හැකියාව පවතින බව ද එම බලධාරින් කියා සිටියේය.

මීට අමතරව මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් සිදුකරන බව ද ඔවුහු වැඩිදුරටත් සදහන් කළහ.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More