kandy news web
kandy news web

නෙල්ලිගලට ජන ගංගාවක්

තෙරුණි ද සිල්වා

0 38

නෙල්ලිගල ජංත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (25) අපි ජාතික බලවේගය ජන පවුර ආරම්භ විය.

බුද්ධානුශාසනාවට අවනතව රට දැය රකින – අභිමානවත් ජන පරපුරක් බිහිකිරීම උදෙසා පූජනීය වතුරකුඹුරේ ධම්මරතන නා හිමියන් හා පූජනීය වල්පොල ගෝතම හිමියන්ගේ අනුශාෂකත්වය හා උපදේශනය යටතේ මෙම සංවිධානය අද ආරම්භ විය.

AD2

ජාතියක් වශයෙන් කිසිදු ආගමකට හෝ ජාතියකට ගැටළුවක් නොවන අයුරින් අප ජාතියේ පිරිහීමට බලපෑ හේතු සොයා බලා ඒ සඳහා අවශ්‍ය විසඳුම් යෝජනා කරමින් සංවිධානාත්මකව ඉටු කලයුතු වගකීම් උදෙසා කැපවීම මෙහි අරමුණයි. 

ඒ සඳහා මගපෙන්වීම වෙනුවෙන් බෞද්ධ දර්ශනය යොදා ගැනීම මෙහි විශේෂත්වයයි. 

සියලු රටවැසියන් හා සහයෝගයෙන් ක්‍රියා කරමින් ගැටුම් හා ආරවුල් වලින් තොරව පවත්නා ගැටළු වලට උපදෙස් සොයන අභිමානවත් ඉතා වගකීමෙන් යුතු සංවිධානයක් ලෙස මෙම සංවිධානය කටයුතු කරන බව එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කරයි.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More