මාතලේ හා දඹුල්ල අතර සංවිධානාත්මක යාචක කල්ලියකින් ව්‍යාපාරිකයින් පීඩාවට
නාඋල - ඉන්දික අරුණ කුමාර

විවිධ හේතුන් මුල්කර ගනිම්න් මාතලේ හා දඹුල්ල අතර පිහිටි ප්‍රධාන උප නගර රැසක සංවිධානාත්මක යාචක කල්ලියක් මහජනයා පීඩාවට පත්කරමින් මුදල් එකතුකරන බව නගරවාසිහු රැසක් කියා සිටිති.
විවිධ ප්‍රදේශ වලින් කුඩා කණ්ඩායම් වශයෙන් පැමිණෙන මෙම යාචක පිරිස් ව්‍යාපාරික ස්ථාන වලට ඇතුළු වී මුදල් ඉල්ලා සීටීම ව්‍යාපාරිකයින්ට මහත් ගැටළුවක් වී ඇතැයි ඔවුහු කියා සිටිති.
පිරිකර අත තබාගත් කාන්තාවන්,විවිධ ආබාධ පවතිනවා යැයි සදහන් කරන පිරිස්,වෛද්‍ය සහතික සහිත විවිධ රෝග වලට ගොදුරුවූවන් යැයි සදහන් කරන්නන් මේ අතර වන බව ව්‍යාපාරිකයෝ කියා සිටිති.
මාතලේ,පළාපත්වල,මඩවලඋල්පත හා නාඋල ආදී ප්‍රධාන උප නගර කේන්ද්‍ර කර ගනීම්න් ක්‍රියාත්මක මෙම සංවිධානාත්මක කල්ලිය විවිධ නගරවලින් ක්‍රියාත්මක වී සවස් කාලයේ පිටව යන බව ව්‍යාපාරිකයෝ කියා සිටිති.
බොහෝ අවස්ථාවන් හී දී මහජනයා නිතර ගැවසෙන සති පොල පැවැත්වෙන දිනවල දී මොවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් සිදුවන බවත් ව්‍යාපාරිකයෝ අවධාරනය කරති.
සිය ව්‍යාපාරික ස්ථාන වලට පැමිණෙන ගනුදෙනු කරුවන් පවා අපහසුතාවට පත්වන අයුරින් හැසිරෙන මෙම පිරිස් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බව ඔවුහු අවධාරණය කරති.
පවතින සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස්ථාන රැසක ප්‍රකාශකයින් රැසක් කියා සිටියේ මහජනයාට පිඩාවන අයුරින් වංචනික අන්දමින් මුදල් එකතු කිරිම් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
පවතිනවා යැයි සදහන් කරන සිද්ධින් සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විශේෂ අවධානය යොමුකරන බව ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.